|
|
|
|
| |
|

.............ඈත අතීතයේ සිටම මිනිසාගේ ජීවන රටාවත් ස්වභාවික පරිසරයත් අතර ඇත්තේ සමීප සබදතාවකි,ස්වභාවික ගහ කොළවල සුන්දරත්වයෙන් මිනිස් මනසට ලැබුනේ අසීමිත ආස්වාදයක්, ඵ්ත් අද වන විට ස්වභාවික පරිසරයෙන් අප ටිකෙන් ටික ඈත් වන්නට පටන් අරන් හැම තැනම කෘතීම බව.ස්වභාවික සමිපත් ඉතා ඉක්මනින් අවසන් වෙගෙන යනවා.මිනිසා මිනිසාට නොපෙනෙ සංවර්ධනයක්, කෙළවරක් නැති සංවර්ධනයක් පස්සෙ ලුහු බැදගෙන යනවා.ජීවයේ යහගුණය අමතක වෙලා. හොද මොළයක් තිබුනාට හදවතක් නොමැති තරමට නපුරැ වෙලා. ගහ කොළ සතුන් පෙනෙන්නට බැරිව ගිහින්. ස්වභාව ධර්මයේ අසිරිය ගැන අමතක කරලා. ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ! අසීමිත ආශාවන්ගෙන් පිරිලා. සරල දිවිපෙවත අමතක වෙලා ජනගහනය වැඩි වෙනකොට මිනිසාට ලැබෙන සමිපත් කමයේන් අඩුවෙනවා. එතකොට ඔහු තව තවත් තරග බිමට අවතීර්න වෙනවා. ආශාවන් දෙගුන තෙගුන වෙනවා. තරගයේ දිනුම පෙනෙන අහලකවත් නැහැ.ඒත් සටන කවුරැන් සමගද? අපි අපි සමග, ඒ එක්කම අපට පිහිටවෙන පරිසරය විනාශ කරනවා. දිනෙන් දින දියුණුවට යන මිනිසාගේ මනස දැන් යන්තුයක්,නමුත් අපගේ ආධ්‍යාත්මය පුබුදූ කරවන්නට ගහකොළ තුරැ ලතා වලට ඇත්තේ පුදූම හැකියාවක්,ගහකොළ තුරැ වැල් ඵක්ක ජිවිතය ගතකරන ඵක සතුට සැනසීම සිතේ රදවා ගන්න පුඑවන් හොදම මාර්ගයයි ගිලිහී යන සොබා දහමෙ චමත්කාරය විදදරා ගැනීමට අප තව තවත් සොබා දහමට සමීප වෙමු! ලස්සන අඵත් ලොවක් කරා පිය නැගීමට හෙට ඉදිරියට එන ඔබ, මදක් රැදෙන්න! නැවත සිතා බැලිය යුතු කාලයයි මෙ! මාගේ සොබා අඩවියට පිවිසි ඔබ ඉතාමත් සාදරයෙන් පිළිගනමි, මම චමින්ද ඔබ...........?
මගේ කාර්යාලය පිහිටි ස්ථානය
MY OFFICE
|
සොබාදහම හා හරිතවත් පරිසරය
මානව සෞඛ්‍යයට වැදගත් වේ
ගහකොළවලින් පිරුණු උද්‍යාන හා හරිත පැහැගත් පරිසරය අප කවුරුත් පාහේ කැමැත්තක් දක්‌වන දර්ශනයක් බව අමුතුවෙන් කිවයුතු නො වේ. නාගරික පරිසරයක වෙසෙන පුද්ගලයින් පවා හැකි හැම අවස්‌ථාවක ම උත්සාහ දරන්නේ තම නිවසට හෝ මිදුලට කිසියම් හරිත පැහැයක් එක් කර ගැනීමටය. ඒ ගහ කොළ හෝ මල් පැළ ආදිය සිටුවීමෙනි. මේ නිසා ගෘහ නිර්මාණ ශිල්පයේ දී හා භූමි දර්ශනවේදයේ දී සොබාදහම හා හැකිතාක් සමීප වීමට උත්සාහ දරන ආකාරය ද අපට දැකිය හැකි ය. හරිත පැහැගත් පරිසරයක දිවි ගෙවීමට අවස්‌ථාව නොමැති ඇතැම් නාගරික වැසියන් පුරුදු වී ඇත්තේ හැකි අවස්‌ථාවල දී එවැනි උද්‍යානයක් හෝ පරිසරයක් හෝ වෙත ගොස් විඩා නිවා ගැනීම සඳහා ය.
මෙසේ වන්නේ ඇයි? හරිතවත් පරිසරය අපේ විඩා නිවන්නට හා කිසියම් මානසික සුවයක් අත්පත් කර ගන්නට කිසියම් ආකාරයකින් උපකාරී වන නිසා ය. මේ පිළිබඳව විවිධ පර්යේෂණ සිදුකර ඇති අතර ඉන් ලැබෙන ප්‍රතිලාභය ඇතැම් විට විටමින් G යනුවෙන් හඳුන්වා තිබේ. එසේම මේ තත්ත්වය අහිමි වීම නිසා ඇතිවන තත්ත්වය සොබාදහම් ඌනතා ආබාධය (Nature deficit disorder) යනුවෙන් ද හඳුන්වා දී තිබේ.
නව වාර්තාවක්
සොබාදහම හා මානව සෞඛ්‍යය පිළිබඳව මේ දක්‌වා සිදුකර ඇති විවිධ අධ්‍යයන ආශ්‍රයෙන් සිදුකරන ලද ප්‍රාමාණික විද්‍යාත්මක විමර්ශනයක් මෑත දී ප්‍රකාශයට පත් කර තිබේ. එහි දී විවිධ පරිසරවල දී මිනිසුන් මේ හා සම්බන්ධව පෙන්වන බලපෑම් පිළිබඳව මෙතෙක් සිදුකර ඇති විවිධ පර්යේෂණවලින් අනාවරණය වන කරුණු පිළිබඳව සිදු කර ඇති විග්‍රහයකි.
මේ විමර්ශනයෙන් පෙන්වා දෙන ආකාරයට හරිතවත් පැහැයෙන් යුක්‌ත පරිසරයක ජීවත්වීමට හැකිවීම හෝ නො වීම මිනිසුන් කෙරේ ඇති කරන බලපෑම අංශ තුනක් ඔස්‌සේ විග්‍රහ කළ හැකියි. ඒ සමාජයීය හැසිරීම, මනෝ විද්‍යාත්මකව හා භෞතික සෞඛ්‍යයට ඇති බලපෑම යනුවෙනි. මේ අනුව පෙනෙන්නේ හරිතවත් පරිසරයක් සෞඛ්‍යමත් මානව වාසස්‌ථානයක් ඇති කිරීමට අත්‍යවශ්‍ය බව පෙනේ. එවැනි පරිසරයක දී මානව සෞඛ්‍යය සඳහා යහපත් ප්‍රතිලාභ ලැබෙන අතර එවැනි පරිසරයක ජීවත්වීමට අවස්‌ථාව නො ලැබීම නිසා ඇති විය හැක්‌කේ අහිතකර වූ සෞඛ්‍ය බලපෑම් ය. (මූලාශ්‍රය( Parks and Other Green
Environments: Essential Components of a
Healthy Human Habitat, 2010, www.nrpa.org/
2010researchpapers)
හරිතවත් පරිසරයක ප්‍රතිලාභ
මේ අනුව සොබාදහම හා හරිතවත් පරිසරය හා සම්බන්ධ වීමට අවස්‌ථාවක් ලැබීම මිනිසුන් අතර යහපත් සෞඛ්‍යයක් ඇති වීම සඳහා බලපාන බව පැහැදිලි ය. හරිතවත් පරිසරයක වෙසෙන පිරිස් වඩා සමාජශීලී හා ත්‍යාගශීලී වන අතර සෙසු පිරිස් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමට වැඩි උනන්දුවක් ද දක්‌වති. ඔවුහු සමාජයීය වශයෙන් වැඩි ක්‍රියාකාරිත්වයක් ද දක්‌වති. එවැනි පරිසරයක දී වඩා හොඳ ප්‍රජනන ක්‍රියාකාරිත්වයක් ඇති වන අතර ස්‌වයං විනයවත් බවක් ද ඇතිවන අතර ආවේගශීලී බව පාලනය කළ හැකි ය. සමස්‌තයක් ලෙස මෙවැනි පිරිස් අතර වඩා යහපත් මානසික සෞඛ්‍යයක් ඇති අතර පීඩාකාරී තත්ත්වවලට ඔරොත්තු දීම සඳහා ද ඔවුන්ට වැඩි හැකියාවක් තිබේ.
මේ හැරුණු විට සොබාදහම හා හරිතවත් පරිසරයක ජීවත්වීමෙන් භෞතික සෞඛ්‍යමය ප්‍රතිලාභ ලැබේ. ශල්‍යකර්ම මගින් රෝගීන් යථා තත්ත්වයට පත්වීම ඉක්‌මන් වීම, ශරීරයේ භෞතික ක්‍රියාකාරිත්වය ඉහළ යැම, ප්‍රතිශක්‌ති පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීම, දියවැඩියා රෝගීන් ගේ ශරීරයේ සීනි මට්‌ටම් යහපත් වීමට වැනි කරුණු සඳහා ද මෙවැනි පරිසරයකින් ඇති වන යහපත් බලපෑම් අතර වේ. එසේම වියපත් වැඩිහිටියන් තුළ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති වීමට ද සොබාදහමට සමීප වීම හේතු වේ.
හරිතවත් පරිසරයක් නොමැති වීමේ විපාක
එසේම හරිතවත් බව හෙවත් සොබාදහම හා ඇති සම්බන්ධය අඩු පරිසරයක දී මිනිසුන් ගේ හැසිරීම මීට වඩා වෙනස් වී තිබේ. ඒ අනුව අධික ආවේගශීලිත්වය, ගැටුම් ඇති කර ගැනීම, අපරාධ හා දේපොළ අපරාධ ආදි තත්ත්ව මෙවැනි පිරිස් අතර අධික ය. හුදෙකලාව ද එවැනි ස්‌ථානවල ජීවත්වන පිරිස් අතර අධික බව දක්‌වා ඇත. ඒ නිසා මෙවැනි පිරිස් අතර සායනික මානසික විෂාදය හා කාංසා සහගත තත්ත්ව වඩා සුලභ වේ. එසේ ම අධි ක්‍රියාකාරිත්වය ද ඇතිවිය හැකි ය.
හරිතවත් පරිසරයක ඇසුර නො ලැබීම නිසා සැලකිය යුතු ආකාරයක භෞතික සෞඛ්‍ය බලපෑම් ද ඇති විය හැකි ය. එවැනි තත්ත්ව අතර ළමා වියේ ඇති වන තරබාරුකම හා වෛද්‍යවරුන් විසින් නිශ්චය කරන රෝග 24ක් අතරින් 15ක් වැළඳීම සඳහා ඇති හැකියාව ඉහළ යාම වඩාත් වැදගත් වේ. මීට හෘද රෝග ද ඇතුළත් ය. එසේම මෙවැනි පරිසරයක වාසය කරන අඩු වයස් හා වියපත් වැඩිහිටියන් අතර වැඩි මරණ ඇති වීම ද වඩා අධික ය.
රන් මිල ඇමසන් වනාන්තරය වනසයි?
ස්‌වාභාවික සම්පත් සඳහා ලෝකයේ ඇති ඉල්ලූම පරිසරයේ හායනය සඳහා බලපාන ආකාරය පිළිබඳ තවත් සාධකයක් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක් මගින් ලබා දී තිබේ. ඒ මෑත වසර කිහිපයේ ඇති වූ රන් මිල ඉහළ යැම ඇමසන් වනාන්තරයේ විනාශයට හේතු වී ඇති බව ය.
ගත වූ දශකයක කාලය තුළ ලෝක රන් මිල 360%කින් පමණ ඉහළ ගොස් තිබේ. එය මේ වන විට වාර්තාගත අයුරින් ඉහළ යමින් පවතී. රන් සඳහා ඉහළ මිලක් ලැබීම නිසා රන් සොයා සිදුකරන කැණීම් ද ඉහළ යැම සාමාන්‍ය කරුණකි. මෙවැනි තත්ත්වයක් පේරු රටේ සීමාවේ ඇමසන් වනාන්තරයේ ද සිදු වෙමින් තිබේ. මෑත කාලයේ ප්‍රදේශයේ වනාන්තර එළි පෙහෙළි කරමින් රන් නිධි සෙවීම ඉහළ ගොස් ඇත. 2003-2006 අතර කාලයේ දී පැවැති වනාන්තර විනාශ වීමේ වේගය (වාර්ෂිකව හෙක්‌ටාර 292ක් පමණ) මෙන් සය ගුණයක වේගයකින් 2006-2009 අතර කාලයේ දී (වාර්ෂිකව හෙක්‌ටාර 1915ක් පමණ) වනාන්තර එළි කර තිබීම මීට සාධකයකි. එA අනුව වන විනාශය සය ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
මේ වන විනාශය මූලික වශයෙන් ඇති වී තිබෙන්නේ කුඩා පරිමාණ රන් සොයන්නන් විසින් සිදුකරන කටයුතු නිසා ය. ප්‍රදේශයේ ගංගා ඉවුරු පුපුරුවා හරිමින් හා පිටාර තැනි ප්‍රදේශ එළි කරමින් රන් ඉල්ලම් සහිත බොරළු නිධි සොයා යැම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙසේ ඇති වූ වනාන්තර විනාශය මිනිස් ජනාවාස ඇති කිරීම සඳහා කළ විනාශයට වඩා බොහෝ සේ අධික ය.
උක්‌ත අධ්‍යයනය සඳහා යොදා ගෙන ඇත්තේ අදාළ ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප, රන් මිල ඉහළ ගොස් ඇති ආකාරය හා රසදිය එරටට ආනයනය කර ඇති ප්‍රමාණයයි. රන් උකහා ගැනීම සඳහා රසදිය යොදා ගැනීමෙන් රන් නිසා පරිසරයට සිදුවන විනාශය වන විනාශයට පමණක් සීමා නො වන බව පෙනේ. රසදිය පරිසර දූෂණය ද සැලකිය යුතු ය.
මේ සිදුවීම ස්‌වාභාවික සම්පත්වලට ඇති ලෝක මට්‌ටමේ ඉල්ලූම ලෝකයේ වෙනත් ප්‍රදේශයක ස්‌වාභාවික සම්පත් උකහා ගැනීම සඳහා බලපාන ආකාරය පෙන්වන කදිම නිදසුනකි. මේ නිසා පරිසරයේ ඇති තිරසාර භාවය බිඳවැටීමට ද ඉඩ තිබේ. නීති රීති තිබුණ ද සම්පත්වල විනාශය සඳහා ආර්ථික කරුණු හේතු වන ආකාරය ද මින් නිරූපණය වේ. (මූලාශ්‍රය( PLoS ONE, DOI: 10.1371/
journal.pone.0018875)
න්‍යෂ්ටික ආරක්‌ෂාව පිළිබඳ අවශ්‍යතාව
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ ඇති වූ අනතුර නිසා න්‍යෂ්ටික බලාගාරවලින් ඇති විය හැකි තර්ජනය පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී තිබේ. 1986 දී ඇති වූ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර අනතුරට විසිපස් වසරක් සම්පූර්ණ වූයේ පසුගිය සතියේ දීය. ඒ නිමිත්තෙන් යුක්‌රේන් රාජ්‍යයේ චර්නොබිල් හි පැවැති උත්සවයකට සහභාගි වූ රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙද්යෙදෙව් පවසා සිටියේ න්‍යෂ්ටික බලාගාරවල ආරක්‌ෂාව සඳහා නව ජාත්‍යන්තර නීති අවශ්‍යව ඇති බව ය.
මේ වන විට න්‍යෂ්ටික බලාගාරවල ආරක්‌ෂිත තත්ත්වය පිළිබඳ කිසියම් සංවාදයක් ලෝකයේ රටවල් රැසක දැකිය හැකි ය. විශේෂයෙන් යුරෝපා රටවල බලාගාරවල ආරක්‌ෂිත ස්‌වභාවය මේ අතර වැඩි අවධානයකට ලක්‌ව තිබේ. මේ අතර න්‍යෂ්ටික බලය පිළිබඳ පාලන අධිකාරියක් හෝ එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ උපදේශක ආයතනයක් ලෙස කටයුතු කරන ජාත්‍යන්තර පරමාණු බලශක්‌ති අධිකාරියේ (IAEA) ක්‍රියාකාරිත්වය පිළිබඳව ද විරෝධතා පළ වී ඇත. විශේෂයෙන් ජපාන අනතුරේ දී ආයතනය දැක් වූ ප්‍රමාදය නිසා එහි ද යම් යම් වෙනස්‌කම් ඇති විය යුතු ය යන ඉල්ලීම මේ අතරින් එකකි. ලබන ජුනි මාසයේ දී පැවැත්වීමට නියමිත සමුළුවක දී න්‍යෂ්ටික ආරක්‌ෂාව හා සම්බන්ධව ඉතා වැදගත් සාකච්ඡාවක් ඇති වෙතැයි අපේක්‌ෂා කළ හැකි ය.
උභය ජීවීන් වඳ වීමට හේතු රැසක්
උභය ජීවීන් ගේ ගහන සෙසු සත්ව කාණ්‌ඩවලට වඩා වේගයෙන් අඩුවීම ලෝකය පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ. මේ සඳහා හේතු රැසක් බලා ඇති බව මෙන් ම ඊට සරළ විසඳුමක් නො තිබිය හැකි බව ද අධ්‍යයනයක් මගින් හෙළිදරව් කර තිබේ.
මේ ආකාරයෙන් උභය ජීවීන් ගේ විනාශයට හේතු වන කරුණු අතර තරගය, විලෝපීයතාවය හා රෝග වැනි ස්‌වාභාවික හේතු ද වාසස්‌ථාන විනාශය, ආක්‍රමණික ජීවීන්, පරිසර දූෂණය හා දේශගුණික වෙනස්‌වීම් වැනි මිනිසුන් විසින් සිදුකරනු ලබන බලපෑම් ද වේ. උක්‌ත වාර්තාවේ සඳහන් වන ආකාරයට මේ ඇතිවෙමින් පවත්නා විනාශය මේ එක් හේතුවක් මගින් පමණක් පැහැදිලි කළ නො හැකි ය.
මේ අධ්‍යයනය තුළින් පෙන්වා දෙන්නේ පරිසරයේ ඇති විවිධ කරුණු අතර ඇති සංකීර්ණ සම්බන්ධය පමණක් නො වේ. මෙවැනි ගැටලූවලට විසඳුම් සෙවීමේ දී මේ විවිධ හේතුවලට අපේ අවධානය යොමු වීම ඉතා වැදගත් වන බව ය. එසේ නො වේ නම් අපේක්‌ෂිත ප්‍රතිඵල අත්පත් කර ගැනීම අපහසු විය හැකි ය. (මූලාශ්‍රය( Annals of the New
York Academy of Sciences, DOI: 10.1111/
j.1749-6632.2010.05909.x)
එන්ඩොසල්ෆාන් තහනම්
මෑත කාලයේ බෙහෙවින් කතාබහට ලක් වූ පළිබෝධනාශකයක් වන එන්ඩොසල්ෆාන් තහනම් කිරීමට පසුගිය සතියේ දී පැවැති දිගු කල් පවත්නා රසායනික දූෂක (POP) පිළිබඳ සම්මුතියේ (ස්‌ටොක්‌හෝම් සම්මුතිය) පාර්ශ්වකරුවන් ගේ රැස්‌වීමේ දී තීරණය කරන ලදි. ඒ අනුව ස්‌ටොක්‌හෝම් සම්මුතියේ පළමු උපලේඛනයට හෙවත් ජගත් මට්‌ටමින් තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය ලේඛනයට එන්ඩොසල්ෆාන් ද ඇතුළත් කිරීමට නියමිත ය.
කෙසේ වෙතත් ඇතැම් භෝග වර්ගවලට හානි කරන ඇතැම් පළිබෝධකයින් සඳහා මේ පළිබෝධ නාශකය භාවිතය සඳහා අවස්‌ථාව සැලසේ. එන්ඩොසල්ෆාන් තහනම් කිරීම පිළිබඳව මුල පටන් විරෝධය දැක්‌වූ ඉන්දියාව වැනි පාර්ශ්ව කරුවන් ගේ ස්‌ථාවරය වෙනස් කිරීම සඳහා මේ සීමිත භාවිතය සඳහා අවස්‌ථාව ලබා දීම අවශ්‍ය වූ බව පෙනේ. එය ද සීමිත කාලයක් සඳහා ය.
|



|
|
|
|
|
|
| |
Today, there have been 2 visitors (7 hits) on this page!
Copyright 2001-2010 © Chaminda Kithsiri, All rights reserved.
|
|
|
|
|
|
|
|