.
  DO YOU KNOW?
 


 

දොඩම් පැළ සිටුවීම සඳහා

ක්‍ෂෙත්‍රය සකස්‌ කිරීම

බෑවුම් සහිත ඉඩම්වල වගාව සඳහා ඉඩම් පිරිසිදු කර සූදානම් කිරීමේ දී පාංශු සංරක්‍ෂණ ක්‍රම ද අනුගමනය කිරීම ඉතා ම වැදගත් ය. වෙනත් ඉඩම්වලින් ගලාගෙන එන දිය පාරවල් මඟින් ද වගාවට හානි විය හැකි ය. ඒවා පාලනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඉන්පසු පැළ අතර තබාගන්නා පරතරය වැදගත් ය. ශාකයකට පහසුවෙන් වැඩීමට හැකි වන ලෙසට ඉඩ තැබිය යුතු ය. පේළි අතර මීටර් 4ක්‌ ද, පැළ අතර මීටර් 5ක්‌ ද තිබෙන සේ සෙ.මී. 60දූ60දූ60 ප්‍රමාණයේ වළවල් කපාගත යුතු ය. මීට වඩා වැඩි ප්‍රමාණයක්‌ තබන්නේ නම් ශාකවලට හොඳින් වර්ධනය විය හැකි ය. දිරා ගිය ගොම පොහොර හා මතුපස්‌ සමානව මිශ්‍ර කර පසට යොදා පැළ සිටුවීම යෝග්‍ය ය.

වර්ෂා සමයට මාසයකට පමණ පෙර හෝ තද වර්ෂාව සමයේ අවසාන කොටසේ දී හෝ සිටුවීම වඩා යෝග්‍ය ය. වර්ෂාවට පෙර සිටුවන්නේ නම් නිසි පරිදි සෙවණ සැපයීමත් ජලය සැපයීමත් කළ යුතු ය. පැළය සිටුවීමෙන් පසු ආධාරකයක්‌ සිටුවීමෙන් පැළයට ශක්‌තියක්‌ ලැබේ. පැළය වටේට මීටර් 1/2ක්‌ පමණ දුරට පිදුරු හෝ තණකොළ රොඩු හෝ වසුනක්‌ යෙදීම සුදුසු ය. බීජ පැළ ඉතා ඉක්‌මනින් වර්ධනය වුව ද බද්ධ පැළ මුල දී අඩු වර්ධනයක්‌ පෙන්වා පසුව ඉක්‌මනින් වැඩෙයි. අවුරුද්දක්‌ තුළ යෙදිය යුතු පොහොර ප්‍රමාණ පිළිබඳව දැනුවත් වීම ද වැදගත් ය. තෙත් කලාපයේ වගාව සිදු කරන්නේ නම් පැළ සිටුවීමට පෙර පහත සඳහන් මට්‌ටම්වලින් පොහොර යෙදීම නිර්දේශ කෙරෙයි. (වගු බලන්න)

යොදන ප්‍රමාණය කොටස්‌වලට බෙදා පැළයේ කොළදාව පැතිරි ප්‍රදේශය පුරා විසුරුවා හැරීම හෙවත් පසට කලවම් කළ යුතු වේ. උදැල්ලෙන් කෙටීම සුදුසු නො වන අතර පොහොර යොදන විට පසේ මනා තෙතමනයක්‌ තබා ගැනීම ද අවශ්‍ය වේ.

ගසට දියර පොහොර යොදන්නේ නම් ප්‍රතිඵල ඉක්‌මනින් ලබාගත හැකි ය. වර්ධනය වෙමින් පවතින ශාක සඳහා නයිට්‍රජන් සහ ක්‌ෂුද්‍ර පෝෂක අඩංගු (යකඩ, සින්ක්‌, මැන්ගනීස්‌, මැග්නීසියම්,) දියර පොහොරක්‌ සේ සති දෙකකට වතාවක්‌ හොඳින් කොළ තෙමී යන ලෙස යෙදීම ප්‍රතිඵලදායක වේ. පළමු වතාවට මල් පිපුණු පසු පොටෑසියම් වැඩි වශයෙන් අඩංගු දියර පොහොරක්‌ යෙදීම ද ප්‍රතිඵලදායක වේ. මේ පොහොර, ඵල මෝරන විට යෙදීම අවශ්‍ය නො වූව ද නැවත ඵල අවසාන වී මල් හටගන්නා කාලය ආසන්නයේ දී මේ ආකාරයට යෙදීමෙන් ගස්‌වල මනා වර්ධනයත් වැඩි ඵලදාවත් සඳහා හේතු වනු ඇත. මේ ආකාරයට කටයුතු කිරීමෙන් වැඩි ඵලදාවකට පසු ගස්‌ මැරී යැම කිසි විටකත් සිදු නො වේ. වසරකට වාර දෙකක්‌ පමණ ගස්‌ වටා කොම්පෝස්‌ට්‌ පොහොර කිලෝග්රෑම් 10ක්‌ පමණ යෙදීම ද ගසේ මනා වර්ධනයට හේතු වේ.

දොඩම් ගසකින් හොඳ ගෙඩි ප්‍රමාණයක්‌ ලබාගැනීමටත් ගසේ වර්ධනය සාර්ථක ලෙස පවත්වාගැනීමටත් හොඳින් හිරු එළිය ලැබීම අත්‍යවශ්‍ය වේ. පස අනවශ්‍ය ලෙස වියළීම ද වර්ධනය බාල කරයි. එමෙන්ම පෝෂක ඌනතා ලක්‍ෂණ පෙන්වීම, අතු මැරී යැම, පත්‍ර හැළී යැම, මල් හැළී යැම, ගෙඩිවල යුෂ ප්‍රමාණය අඩු වීම ආදී ලක්‍ෂණ ඇති වේ.

දොඩම් වගාවක්‌ ලෙස මුල් වසර 2-3 කාලය ගත වන තෙක්‌ වෙනත් බෝගයක්‌ මිශ්‍ර වගාවක්‌ ලෙස කළ හැකි ය. විශේෂයෙන් ම කෙසෙල් වගා කර හොඳ අස්‌වැන්නක්‌ ලබාගත හැකි ය. දොඩම් ගසට වසර 2-3 වන විට කෙසෙල් ගලවා ඉවත් කිරීම අවශ්‍ය ම කරුණකි. අන්නාසි, එළවළු, ධාන්‍ය බෝග වුව ද වගා කළ හැකි වුවත් වසර 2-3 වන විට එම වගාව ඉවත් කළ යුතු ය. දොඩම් වගාව තුළ වල් පැළ පාලනය ඉතා වැදගත් ය. එහෙත් මුළුමනින් ම වල් පැළෑටි ඉවත් කළොත් පස සෝදාපාළු වීමටත් වියළි කාලගුණය පවතින විට පස වියළීමටත් ඉඩ තිබේ. එම නිසා තණකොළ කපා ඉවත් කරමින් පස රැක ගත හැකි ය.

දොඩම් ගස්‌ පුහුණු කිරීම හා කප්පාදු කිරීම වැදගත් කරුණකි. මෙය කුඩා කල සිට ම පිළිවෙළකට කළ යුතු ය. ශක්‌තිමත් සැකිල්ලක්‌ සකස්‌ කර ගැනීම අවශ්‍ය කරුණකි. රෝග හා පළිsබෝධ හානි අවම කර ගැනීමටත් වැඩි අස්‌වැන්නක්‌ ලබා ගැනීමටත් එය බලපානු ලැබේ. පැළ තවානේ තිබිය දී ම මේ කටයුත්ත ආරම්භ කිරීම පළපුරුදු තවාන්කරුවන් විසින් සිදු කෙරෙයි. බද්ධ පැළවල නම් වෙනත් අංකුර ඉවත් කිරීමත් බීජ පැළවල නම් අනවශ්‍ය ලෙස වැවෙන අතු ඉවත් කිරීමත් කළ යුතු ය. ප්‍රධාන කඳක්‌ පැහැදිලිව ඇති වන ලෙසට මේ කාර්යය කළ යුතු ය. මෙය පසෙහි ජීවිත කාලය පුරා ම අනුගමනය කළ යුතු ය. දිය රිකිලි, දුර්වල අතු, රෝග හා කෘමි හානි ඇති අතු ගසේ මනා පැවැත්මට බාධා කරයි. මේ අතු ඉවත් කරන විට කැපුම් තලවල දිලීරනාශක ආලේප කිරීම ද වැදගත් ය. මුලින් සඳහන් කළාක්‌ මෙන් ගසට හොඳින් හිරු එළිය වැටීමට හැකි වන ආකාරයට කටයුතු කිරීමෙන් එය සාරවත්ව නඩත්තු කිරීමත් පසෙහි පැළෑටි පෝෂක අවශ්‍ය ප්‍රමාණයට තිබීමත්, නිසි තෙතමනය තිබීමත් රෝග හා පළිබෝධ හානිවලින් තොරව තිබීමත් මඟින් ඒකාකාර අස්‌වැන්නක්‌ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ලබාගැනීමට හැකි වනු ඇත.

ඌරු පාලනයේ දී වැදගත් වන සෞඛ්‍ය ආරක්‍ෂක කටයුතු

සත්ත්ව පාලනයේ දී සෞඛ්‍යාරක්‍ෂක ක්‍රම පිළිබඳව සැලකිලිමත් වීම ඉතා වැදගත් ය. ඌරන් ඉතා ඉක්‌මනින් අපිරිසිදු වීමත් ගාල් තුළ පවතින දුගඳ වහනය වීමත් ඌරන් ඇති කිරීමේ දී අහිතකර ලෙස බලපානු ලබයි. මේ හේතුව නිසා නිතර ජලයෙන් පිරිසිදු කරගැනීමට හැකි වන සේ ප්‍රමාණවත් ලෙස ජලය තිබිය යුතුම ය.සතුන් ගේ පෝෂණය රඳා පවතින්නේ එම සතුන් ගන්නා ආහාර ප්‍රමාණය සහ එම ආහාරවල පවතින පෝෂ්‍ය ගුණය මත ය. හොඳින්a ආහාර දීම වැදගත් වන්නේ සතුන් ඇති කරන්නා ගේ අරමුණ වන්නේ ඉක්‌මනින් උන් ගේ බර වැඩි කර ගැනීම නිසා ය. ඌරු පාලනය සිදු කරන්නේ එක ම අරමුණක්‌ වන වැඩි පැටවුන් සංඛ්‍යාවක්‌ ලබා ගැනීම සහ ඉක්‌මනින් බර වැඩි කරගැනීම යන අවශ්‍යතාවන් මත නිසා මනා පාලනයක්‌ සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. හොඳින් ආහාර ගන්නේ ද, ගන්නා ආහාර ජීර්ණය වන්නේ ද යන්න පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. ශරීරයෙන් බැහැර වන ද්‍රව්‍ය නියමිත ස්‌වරූපයෙන් නියමිත කාලාන්තරයන් තුළ සිදු වේ නම් මනා ලෙස ආහාර ජීර්ණ කටයුතු සිදු වන බවට සෑහීමකට පත් විය හැකි ය. නිරෝගී ලෙස වර්ධනය වන ඌරන් ගේ ශරීරයේ සම හා පටක රතු පැහැයට දැකගත හැකි ය. ශරීරයේ ඇති ලෝම පීරා ඇති ලෙසට පිළිවෙළට පිහිටයි. වැතිර සිටින ඌරන් ආශ්වාස ප්‍රශ්වාස කරන ආකාරය ද සැලකිලිමත්ව බැලිය යුතු ය. සාමාන්‍යයෙන් වැඩුණු ඌරකු මිනිත්තුවකට වාර 10-20ක්‌ පමණ ආශ්වාස ප්‍රශ්වාස කරයි. එහෙත් උෂ්ණත්වය වැඩි වන විට, තැතිගැන්මක්‌ ඇති විට මේ වාර ගණන ඉක්‌මන් වේ. නාඩි වැටීමේ වේගය ද සාමාන්‍යයෙන් විනාඩියකට 60/80ක්‌ පමණ වේ.

ඌරන්ට ඇති වන බඩ යැම ඕනෑ ම වයස්‌ කාණ්‌ඩයක සතුන් අතර දැකගත හැකි ය. විශේෂයෙන් ම පැටවුන්ට මේ රෝග ලක්‍ෂණ තිබෙන විට සැලකිලිමත් විය යුතු ය. බැක්‌ටීරියා හා වයිරස්‌ වර්ග මේ තත්ත්වයට බොහෝ දුරට හේතු වේ. දිනපතා කොටු පිරිසිදු කිරීම ඉතා වැදගත් ය. එමෙන්ම නිරෝගී සතුන් සිටින ගොවිපොළවලින් සතුන් මිල දී ගැනීම ද වැදගත් ය. බඩ යැමේ රෝගය තිබෙන විට ආහාර දීම සැලකිල්ලෙන් කළ යුතු ය. දියරමය ආහාර වැඩිපුර දීම සුදුසු ය. සහල් නිවුඩු හෝ මේදය රහිත කිරිපිටි දීම ද මේ තත්ත්වය පාලනයට හිතකර ය. කෑම නො දී තරමක කාලයක්‌ සිටීම ද හිතකර ය.

පණු රෝගය ඌරන්ට බලපාන අහිතකර තත්ත්වයකි. මනා පාලනය පණුරෝගවලින් ආරක්‍ෂා වීමට ද හේතු වේ. එළිමහනේ ඇති කරන සතුන් මේ රෝගවලට පාත්‍ර වීම අධික ය. පණු රෝග නිසා සතුන් දුර්වල වීම, බර අඩු වීම ආදී ලක්‍ෂණ ඇති වේ. දිනපතා කොටු පිරිසිදු කිරීම, ගැබ් දෙනුන්ට විශේෂ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් ය. නියුමෝනියාව ද ඌරන්ට වැළඳිය හැකි රෝගී තත්ත්වයකි. පරිසරයේ පවතින තෙතමනය මෙයට බොහෝ දුරට හේතු වේ. රෝග ලක්‍ෂණ ලෙස තදින් හුස්‌ම ගැනීම, හුස්‌ම ගැනීමට අපහසුතාවක්‌ ඇති වීම, කැස්‌ස, උණගතිය. ආදී ලක්‍ෂණ පහළ වේ. අවශ්‍ය අවස්‌ථාවේ දී පශු වෛද්‍ය උපදෙස්‌ ලබාගැනීම වඩා වැදගත් ය.

නිරක්‌තිය යකඩ ඌනතාව නිසා ඇති වේ. පැටවකුට දිනකට යකඩ මිsලිග්‍රෑම් 7ක්‌ පමණ අවශ්‍ය ය. උපතින් ම මිලිග්‍රෑම් 50ක්‌ පමණ ශරීරයේ තිබේ. කිරි උරා බීමේ දී දිනකට මිලිග්‍රෑම් 2ක්‌ පමණ ලැබේ. මේ අනුව පැටවාට අවශ්‍ය යකඩ ප්‍රමාණය දින 10කට පමණක්‌ සෑහෙයි. ඒ නිසා පැටවුන්ට දින 10කට පෙර යකඩ එන්නත ලබා දිය යුතු ය.

යකඩ ඌනතාව හෙවත් නිරක්‌තිය නිසා ශරීරයේ පැහැය අඩු වීම, බෙල්ල ඉදිමීම, හුස්‌ම ගැනීමේ අපහසුව ආදී ලක්‌ෂණ ඇති වේ. මේ නිසා දින 1-3 කාලයේ දී මිලිග්‍රෑම් 150-200 ප්‍රමාණයක්‌ එක්‌ සතකුට ලබා දිය යුතු ය.

කුෂ්ට හට ගැනීම බාහිර පරපෝෂිතයන් විසින් සම මතුපිට හා සමට යටින් සිදු කෙරෙන ආසාදන නිසා ඇති වේ. ශරීරයේ කන්වල, යටි බඩ ආදී සම සිනිඳු ස්‌ථානවල වැඩිපුර ආසාදන ඇති වේ. අපිරිසිදු නිවාස, අලුතින් මිලට ගන්නා සතුන් නිසා මේ තත්ත්වයන් ඇති විය හැකි ය. පාලන තත්ත්ව යහපත් ලෙස පවත්වා ගැනීමෙන් මෙවැනි තත්ත්ව පාලනය කර ගැනීමට පුළුවන.

කුර හා මුඛ රෝග වයිරසයක්‌ මගින් බෝ වේ. කුරවල හා මුඛයේ බිබිලි ඇති වී පසුව තුවාල බවට හැරෙයි. ආහාර ගැනීමේ අපහසුතාව, කෙළ වැගිරීම, උණ, ඇවිදීමට අපහසු බව හා පසුව මරණයට පවා පත් වීමට හැකි ය. නිරෝගී සතුන් ලබා ගැනීමත්, ප්‍රතිශක්‌ති එන්නත් ලබා දීමත් රෝග පාලනයේ දී අවශ්‍ය ය.

සූකර උණ ඉතා පරික්‌ෂාකාරී විය යුතු රෝගයකි. පාලනය නො කළ හොත් මුළු ගොවිපොළ ම නැති වී යා හැකි ය. රෝග ලක්‌ෂණ ලෙස අධික උණ, ආහාර අරුචිය, සම මතුපිට රතු පැල්ලම් මතු වී පසුව දුඹුරු පැහැයට හැරී ඉන් අනතුරුව කළු පැහැයට හැරෙයි. වලිගය කඩා වැටී සතා මළානික වේ. මළ බද්ධය ඇති වී පාචන ලක්‌ෂණ ද ඇති වේ. සතුන් එකට ගුලි වී සිටීමත් දැකගත හැකි ය. දින කීපයක දී මරණයට පත් වේ.

ඌරු පාලනයේ දී පීඩන හා ගැටීම්වලින් ආරක්‌ෂා කර ගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් ය. පිටස්‌තර පුද්ගලයින් පැමිණීම වළක්‌වා ගැනීමත් දොරටු ආශ්‍රිතව පා දෝවනය සඳහා විෂබීජ නාශක දියර අඩංගු භාජන තැන්පත් කිරීමත් කළ යුතු ය. ගාල් අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් ය.

 

එතරල් යොදා පලතුරු ඉදවීම සාර්ථක ක‍්‍රමයක්
 

මේ අඹ නම් කන්න බෑ. අමුතු රසක්" වෙළෙඳ පොළෙන් පලතුරු මිලදී ගන්නා ඔබට මේ අත්දැකීම ඇති. ඒ නිසා ම තමයි පලතුරු නිවැරැදිව ඉදවා ගැනීම පිළිබඳ දැනුවත් විය යුත්තේ.

පලතුරු සුලබ වාර වල අතිරික්ත පලතුරු නිසි ලෙස ඉදවා ආහාරයට ගැනීමට කටයුතු කිරීමෙන් නාස්තිය අවම කර ගැනීමටත් හැකිවේ.

පලතුරු ඉදවා ගැනීමට සාම්ප‍්‍රදායික මෙන් ම රසායනික ක‍්‍රමත් යොදා ගැනීමට පුළුවන්. කෙසෙල් නම් දුම්ගැස්සවීම මගින් ද පලතුරු ගොඩකට ඉදුණු ගෙඩියක් එක් කිරීම මගින් ද සාම්ප‍්‍රදායිකව ඉදවා ගත හැකිය.

කාබයිට් හා එතරල් යොදා පලතුරු ඉඳවීම, රසායනික ක‍්‍රමයට පලතුරු ඉඳවීමයි. කාබයිට් යොදන ආකාරය මත පලතුරුවල ගුණාත්මක භාවයට හානි සිදුවේ. කාබයිට් යොදා ඉදවූ පලතුරු මිලදී ගැනීමට පාරිභෝගිකයෝ වැඩි රුචියක් නොදක්වති. කාබයිට් යෙදීමේ දී පලතුරු මත ඒවා තැවැරීමට පුළුවනි. මෙය ආහාරයට ගැනීමේදී ඇතිවෙන ගැටළුමය තත්ත්වයකි.

පලතුරු ඉඳවීම සඳහා එතරල් භාවිතය පහසුම හා නිවැරැදිම ක‍්‍රමයක් වන අතර එතරල් භාවිතා කර නිවැරැදිව ඉදවාගත් පලතුරු ආහාරයට එක්කර ගැනීමෙන් කාබයිට් යෙදීම මගින් සිදුවන අවාසිදායක තත්ත්වය මඟ හරවා ගත හැකි ය.

අස්වැනු නෙළන උපකරණයක් භාවිතයෙන් හානි නොවන සේ නිවැරැදිව පලතුරු නෙළා ගැනීම වැදගත් ය. පහත ක‍්‍රමය භාවිතයෙන් ඔබටත් ඔබේ ගෙවත්තේ පලතුරු නිවැරැදිව ඉදවා ගැනීමට හැකිවේ.

 

අවශ්‍ය ද්‍රව්‍ය

වායු හුවමාරු නොවන සේ වැසිය හැකි හෝ ආවරණය කළ හැකි බඳුනක් හෝ පෙට්ටියක්. විශාල ප‍්‍රමාණයක් ඉඳවනවා නම් කුටීරයක් හෝ කාමරයක්.

එතරල් මිලි ලීටරයක් ජලය ලීටරයක දියකර සාදාගත් ද්‍රාවණයක්

හුණු ග‍්‍රෑම් 100 ක් ජලය ලීටරයක දියකර සාදාගත් ද්‍රාවණයක්

ක‍්‍රමය

කුටීර පරිමාවෙන් 1/5 ක් හිස්ව තබා පලතුරු අහුරන්න.

එතරල් ද්‍රාවණය ප්ලාස්ටික් හෝ මැටි බඳුනකට දමා එය පලතුරු ඇසිරූ කුටීරයේ කෙළවරක තබන්න.

කුටීරයේ පරිමාවන් සෑම ඝන අඩි 1 කට ම එතරල් ද්‍රාවණයෙන් මිලි ලීටර් 4 ක් බැගින් භාවිතා කළ යුතුය.

කුටීරයේ දොර හෝ පියන වැසීමට පෙර,, එතරල් ද්‍රාවණයෙන් එතලින් නිපදවීම ඇරැඹීම සඳහා හුණු ද්‍රාවණය එකතු කරන්න.

කුටීරයේ සහ අඩි 1 ට හුණු ද්‍රාවණය මිලිලීටර් 5 ක් බැගින් එක් කළ යුතු ය.

හුණු ද්‍රාවණය දැමූ විගසම දොර පියන වැසීම අත්‍යවශ්‍යයි.

පැය 24 ක කාලයකට පසු බඳුන හෝ කුටීරය විවෘත කර පලතුරු ඉදීමට වාත‍්‍රාශය ලැබීමට සලස්වන්න.

තව දින දෙකකින් ඉඳීම සම්පූර්ණ වේ.


 

නැට්ට පිටින්ම බෙලි කඩන්න

 

 

අතු සොලවා ගෙඩි බිමට කඩන්න එපා

 

ඉන්දියාවේ සම්භවය ලත් බෙලිගස පලතුරක් මෙන් ම ඖෂධීය අගයක් ඇති ශාකයකි. දෙහි කුලයේ සම්භවයක් ඇති බෙලි ඇඟ නිවන පානයකි.

බෙලි ගස සාමාන්‍යයෙන් මීටර් 4 - 7 ක් දක්වා උසට වර්ධනය වෙන අතර බද්ධ බෙලි පැළ සිටුවා ගැනීමෙන් අතු විහිදුණු කුරු ගස් ලබාගත හැකි වේ. තෙත් කලාපයේ ඉතාම ඵලදායි ලෙස බෙලි ශාකය වර්ධනය වේ. සරු පස නිසරු පස බෙලි ශාකයට ප‍්‍රශ්නයක් නැත.

බෙලි ගෙඩියේ වටිනාකම තීරණය වන්නේ එහි තිබෙන ඇට අඩුකම මත අනුව ය. ඉදුණු බෙලි කෑමට අකමැති නම් ප‍්‍රණීත බීමක් සාදා පානය කිරීමට හැකිය. බෙලි පැළයක් විවිධ ක‍්‍රම වලින් අපට සාදාගත හැකි ය. එනම් බීජ මගින් බද්ධ පැළයක් ලෙස මුල් අද්දවාගත් අතු පැළ සහ මුල් වලින් හටගන්නා පැළ ලෙසටයි. බෙලි පැළයක් ගෙවත්තේ සිටුවන විට තරමක් වැඩි ඉඩකඩක් අවශ්‍ය නිසා සුදුසු එළිමහන් තැනක් තෝරාගත යුතු වේ.

පැළය සිටුවීමට ප‍්‍රථම මතුපිට පස් සහ හොඳින් දිරූ කාබනික ද්‍රව්‍යය සමඟ කලවම් කර වළ පුරවා ගත යුතුයි. වළ දිග පළල ගැඹුර අඩි 2 ක් පමණ විය යුතු ය. හොඳින් කාබනික පොහොර යෙදීමෙන් පැළයේ වර්ධනය ඉක්මන් වේ.

බෙලි ගසට සැලකිය යුතු මට්ටමේ රෝග නොසෑහේ. පිටිපුස් රෝගය, ගම් වෑස්සීමේ රෝග සාමාන්‍ය අයුරින් බෙලි ගසට වැළඳේ. පිටිපුස් රෝගය වැලඳුණු විට සල්ෆර් අඩංගු කෘෂි රසායනික ස්පෙ‍්‍ර් කිරීම සුදුසු ය. ගම් වෑස්සීමේදී කොපර් අඩංගු දිලීර නාශක ස්පෙ‍්‍ර් කිරීම සුදුසු ය.

කෘමි හානි නිසා බෙලිගසට හානි සිදුවේ. හම් බෙල්ලන් දුටු විට අතින් ඇහිඳ විනාශ කිරීම හා මෙටා වැනි කෘෂි රසායන යෙදීම ද කළ හැකි ය. පත‍්‍ර කනින්නාගෙන් වන දරුණුතම හානිය වළක්වා ගැනීම සඳහා කොහොඹ නිස්සාරක යෙදීම සුදුසු ය.

කොළ කන දළඹුවා ගේ හානිය නැති කිරීම සඳහා සුදුසු කෘෂි රසායනික ද්‍රව්‍යයක් යෙදීමට හැකි ය. මීට අමතරව ඔබ විමසිලිමත් විය යුත්තේ මයිටාවන් ගෙන් සිදුවෙන හානිය පිළිබඳවයි. මයිටාවන් නිසා කොළ කහ පැහැ ගැන්වීම සිදුවේ. රසායනික ක‍්‍රමයක් භාවිතා කිරීම මගින් මයිටාවන් ගේ හානිය පාලනය කළ හැකි ය.

කටුක පරිසරයට ඔරොත්තු දෙන නිවර්තන හා උප නිවර් තන කලාප වල බෙලි හොඳින් වගා කළ හැකි ශාකයකි. අධික උෂ්ණත්වයේදී මල් නිෂ්පාදනය හා ඵල හටගැනීම අඩු ය. මල් හා ඵල හට ගැනීමට වියළි කාලගුණික තත්ත්වය ඉතාම වැදගත් ය.

සාමාන්‍යයෙන් බීජ මගින් බෙලි ප‍්‍රචාරණය කරනු ලැබේ. දින 9 – 10 පමණ කාලයක ඒ සඳහා ගතවේ. පැය 24 ජලයේ පොගවා තැබීමෙන් බීජ ප‍්‍රරෝහණය ඉක්මන් කරගත හැකි ය. බීජ තවාන් කිරීම සඳහා වැලි තවාන් වඩාත් සුදුසු බව මතක තබාගත යුතු ය. බීජ තවාන් කර මසකට පසු අඟල් 6 - 8 පොලිතින් මළුවල 1: 1: 1 අනුපාතයට බඳුන් මිශ‍්‍රණය (වැලි: මතු පිට පස්: කොම්පෝස්ට්) සකසා පැළ සිටුවීම කළ යුතු ය.

සේ සිටුවන ලද බීජ පැළ මාස 6 – 8 පමණ ගත වූ පසු බද්ධ කළ හැකි ග‍්‍රාහක තත්ත්වයට පත්වේ. බද්ධ කිරීමේදී රිකිලි බද්ධය උසස් ප‍්‍රතිඵල ලබාදෙයි.

මෙයට අමතරව අනෙකුත් වර්ධක ප‍්‍රචාරණ ක‍්‍රම වන ලේයර් කිරීම හා මුල් මගින් පැළ ලබාගත හැකි ය.

පැළ සිටවූ පසු නියම කාලගුණයක් ඇත්නම් ජල සම්පාදනය කළ යුතු ය. මැරුණු හෝ දිරා ගිය අතු කප්පාදු කළ යුතු ය. සුදුසු පරිදි ශාක වර්ධනය අනුව පොහොර යෙදීම ගුණාත්මයෙන් උසස් වගාවක් ලබාගැනීමට ඉවහල් වේ.

බෙලි ගෙඩි වල අස්වැන්න නෙළා ගන්නා විට නටුව සමඟ නෙළීම වැදගත් වේ. ගස සොලවා ගෙඩි බිමට කැඩීම එතරම් සුදුසු නොවේ. ගෙඩියේ පොත්ත පළුදු වුවහොත් නොයෙක් දිලීර ඇතුළු වී ගෙඩි කුණුවීමට පුළුවන.

හොඳින් වැඩුණු වසර 12 - 15 වන බෙලි ගසකින් ගෙඩි 200 - 300 පමණ කඩා ගත හැකිවේ. එහෙත් ඔබ මතක තබාගත යුතු දෙය නම් බීජ මගින් ප‍්‍රචාරණය කරන ලද ශාක වලින් අස්වැන්න නෙලීමට වසර 8 – 10 පමණ කාලයක් බලා සිටීමට සිදුවේ. එහෙත් බද්ධ ශාකයකින් වසර 3 - 4 කින් පමණ අස්වනු නෙළිය හැකි ය.

සර්වාංග රෝග නිවාරණය සඳහා ගුණ දෙන ඖෂධ වලින් පෝෂිත ශාකයක් ලෙස බෙලි හැඳින්විය හැකිය.

සැපදිල්ලා බද්ධ පැළ ඉක්මනින් පූදිනවා

 

තෙත් හා අතරමැදි කලාපයේ සැපදිල්ලා සාර්ථක ලෙස වගා කිරීමට හැකියාව තිබේ. මේරූ පත‍්‍ර යුෂ, මේරූ පලතුරු හා බීජ ඖෂධ ගුණයෙන් යුක්ත වන අතර නැවුම් පලතුරු අයිස්කී‍්‍රම් සහ සරුවත් නිෂ්පාදනයේදී ද යොදා ගනී. දුර්වල රෝගීන්ට ශක්තිය ලබාදීමට සැපදිල්ලා යොදාගනියි.

හොඳ ජලවහනයක් සහිත සැහැල්ලු පස් වගාවට උචිතය. දිග පළල අඟල් 6ක් පමණ ද ගැඹුර අඩි 2 1/2ක් පමණද වන සේ කපාගත් වලවල් මතුපිට පස් සහ කාබනික පොහොර යොදා පුරවා ගත යුතු තනි වගාවක් ලෙසද සැපදිල්ලා වගා කිරීමට හැකි නිසා ඔබේ ගෙවත්තේ ගසක් දෙකක් හෝ වගා කිරීමට හැකියාව තිබේ.

බීජ පැළ, බද්ධ පැළ හෝ අතුබැඳීම මඟින් ලබාගන්නා ලද පැළ වගාව සඳහා යොදාගත හැකි අතර බීජ පැළ ඵල දැරීම සඳහා වසර 6ක් 7ක් ගතවේ.

වසර දෙකක් හතරක් අතර ඵල දරන බද්ධ පැළ හෝ අතු බැඳීම මඟින් ලබාගත් පැළ සිටුවීම වඩාත් උචිතය.

වර්ෂාව ආරම්භයේදී පැළ සිටුවීම කළ යුතු අතර පැළ සිටුවා ආධාරක කෝටුවක් සිටුවීම උචිතය.

වර්ෂාව නැති නම් පැළය සිටවූ මුල් කාලයේ ජල සම්පාදනය කළ යුතය.

කප්පාදු කිරීම හා පුහුණු කිරීම ඔබ මනාව කළ යුතුය. බද්ධ පැළයක් නම් ග‍්‍රාහකයන්ගෙන් මතුවෙන රිකිලි කපා ඉවත් කළ යුතුය. අඩි 15ක් පමණ උසක පවත්වා ගැනීම උචිත වන අතර අනවශ්‍ය සෙවණ සහිත අතු කපා ඉවත්කර කැපුම් මුහුණත මත දිලීර නාශකයක් ආලේප කළ යුතු ය.

අක‍්‍රමවත් ලෙස වැඩුණු ගස් මුදුන් කප්පාදුව මඟින් ගස ක‍්‍රමවත් ආකාරයට සකස් කර ගැනීමට හැකියාව ලැබේ. වාර්ෂික අස්වැනු වාරය අවසානයේදී නිසි පරිදි කප්පාදු කර පොහොර යෙදීම කළ යුතුය.

අධික වර්ෂාව පවතින කාලයකදී හෝ නියඟයකදී කප්පාදු කිරීම සුදුසු නැත.

ගෙවතු මට්ටමට පමණක් සීමාවී ඇති සැපදිල්ලා විදේශ වෙළඳපොළ සඳහා ද සුදුසුය.


හොඳින් මෝරපු අලි පේර හඳුනාගන්නේ මෙහෙමයි

 

අලිපේර ඉහළ පෝෂණීය ගුණයෙන් යුත් වැඩි ඉල්ලුමක් ඇති පලතුරකි. හොඳට මේරූ ගෙඩි බාහිර පෙනුමෙන් හරියාකාරව හඳුනා ගැනීමට අපහසු නිසා බොහෝ අවස්ථාවලදී නොමේරූ ගෙඩි නෙලීම සිදු කෙරේ.

දුර්වල නෙළීමේ ක‍්‍රම, නියමිත ඇසුරුම යොදා නොගැනීම සහ රළු පරිහරණය නිසා ගෙඩිවලට තුවාල සිදුවී ඉක්මනින් කුණුවීම සිදුවේ.

නොසැලකිලිමත් ලෙස ප‍්‍රවාහනය කිරීමෙන් අපතේ යන ප‍්‍රමාණය වැඩි විය හැකිය.

නොමේරූ ගෙඩිවලින් අධික ලෙස ජලය ඉවත්වීම නිසා ඵල ඉදෙන විට රැළි වැටීම සිදුවීමෙන් ඒවායේ ආර්ථික වටිනාකම අඩුවේ.

දැනට පවතින වෙළෙඳ රටාව අනුව ගෙඩි එකවරම නෙළීමෙන් නොමේරූ ගෙඩි ද විශාල ප‍්‍රමාණයක් එකතු වේ.

නොමේරූ ගෙඩි හොඳින් නොඉදෙන නිසාත් ඉදුණු විට රැලි වැටෙන නිසාත්, නටු අග කුණුවීමේ රෝගයට පාත‍්‍රවන නිසාත් විශාල ලෙස පසු අස්වනු හානියත් සිදුවේ.

එලෙස ම ඒවායේ ගුණාත්මක බව ද අඩු ය.

මේරූ ගෙඩි හඳුනාගැනීමට කරුණු එකක් හෝ වැඩි ගණනක් උපයෝගී කර ගත හැකිය.

හොඳින් මේරූ ගෙඩි ප‍්‍රමාණයෙන් විශාලය. ගෙඩිවල පිට පොත්ත දිලිසීමෙන් අඩුය. වා සිදුරු ඉස්මතු වී පෙනෙයි.

සමහර ප‍්‍රභේදවල බීජයේ සෙලවෙන හඬ ඇසේ. බීජයේ පොත්ත තද දුඹුරු පැහැ ගනී. ඵලයේ මාංසලයේ පැහැය කී‍්‍රම්පාටය.

අස්වනු නෙළීම උදය කාලයේ පිනි සිඳුණු පසු සිදුකිරීම සුදුසුය.

ගෙඩිය නටුව සමඟ නෙළා ගැනීම සඳහා වැඩි දියුණු කරන ලද කෙක්කක් භාවිතා කළ යුතුය.

එමඟින් නටු සමඟ ගෙඩි නෙළා ගැනීමට හැකි වීම මෙන්ම නෙලීමේදී ඇති වන යාන්ති‍්‍රක හානිය අවම කරගත හැකිය.

උස ගස්වල ඇති ගෙඩි නෙළීමේදී කූඩයකට එකතු කර පරෙස්සමින් ශාකයේ පහළට ගැනීමෙන් යාන්ති‍්‍රක හානිවලින් තොරවූ ගෙඩි ලබාගත හැකිය.

නෙළුෑ ගෙඩිවල නටුවේ අග කොටස ගෙඩියට සවි වී පවතින අයුරින් නටුව වෙන් කළ යුතුය.

නටුව සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමෙන් ගෙඩියේ නටුව සවිවූ ස්ථානයට ඇතිවන යාන්ති‍්‍රක හානිය නිසා ක්ෂුද්‍ර ජීවීන්ගේ ආසාදනය පහසු කරයි.

මෙම තත්ත්වය නිසා නටුවෙහි අග කොටස ගෙඩියට සවි වී තිබීම ඉතාමත් වැදගත්වේ.

කෘමි සහ යාන්ති‍්‍රක හානි සිදුවූ මෙන්ම රෝගවලට පාත‍්‍ර වූ දුර්වර්ණ හා අසාමාන්‍ය හැඩයෙන් යුතු ගෙඩි ඉවත් කිරීම කළ යුතුය. එකම වර්ගයක අලිපේර ප‍්‍රභේදයක් නැති නම් ගෙඩි කුඩා, මධ්‍යම හා විශාල ඵල වශයෙන් වර්ග කළ හැකිය.

මෙසේ ශ්‍රේණිගත කිරීමෙන් ඇසිරීම් පහසු වන අතර ඉහළ මිලක් ලබා ගැනීමට ද හැකි වනු ඇත.

අලිපේර හොඳින් ඇසිරීමකින් තොරව ප‍්‍රවාහනය කිරීමෙන් විශාල ලෙස හානි සිදුවන බැවින් එම නාස්තිය අඩු කර ගැනීමට ලෑලිවලින් තනන ලද පෙට්ටි හෝ ප්ලාස්ටික් පෙට්ටි භාවිතා කළ යුතුය. ඇසිරීමේදී ස්ථර තුනකට වඩා නොඉක්ම විය යුතුය.

ඇසුරුම්වල පතුළට හා පැතිවලට පත්තර වැනි අතුරුණුවන් යෙදීමෙන් සිදුවිය හැකි සීරීම් තුවාල තවදුරටත් වළක්වා ගත හැකිය.

ප‍්‍රවාහනයේදී අසුරන ලද පෙට්ටි හොඳින් වාතාශ‍්‍රය ලැබෙන පරිදි ලොරිවල තැන්පත් කළ යුතුය. කෙළින්ම වැටෙන හිරු එළියෙන් හා වැස්සෙන් ද ආරක්ෂා වන ආකාරයට ප‍්‍රවාහනය කළ යුතුය.

හොඳින් පරිණත වූ අලි පේර දින 4-7 ක කාලයකදී ඉදීම සිදුවේ. නොමේරූ අලිපේර නෙළීමෙන් ඉදීම ප‍්‍රමාද වන අවස්ථාවලදී නටු අග කුණුවීමේ රෝගය බහුල ලෙස දක්නට ලැබේ.

නටුව වෙන් කිරීමේදී ඇති වන තුවාල වීම නිසා මෙම රෝගය පහසුවෙන් ඇතිවේ.

පොත්තෙහි ගිලුණු කළු පැහැති ලප ඇතිවීම ඇන්ත‍්‍රැනෝස් රෝගයේ ලක්ෂණයකි. මේ ලප මාංශලය දක්වා විහිදී යයි.

සාමාන්‍යයෙන් රෝග කාරක දිලීරය නොමේරූ ගෙඩිවලට ආසාදනය වී අකි‍්‍රය ව පවතී. ඵල ඉදෙන විට දිලීරයේ වර්ධනය ද සිදුවේ.

ඕනෑවට වඩා ගෙඩිය මේරීමට ලක්වූ විට පොත්තෙහි පිපිරීමක් ද සිදුවේ.

ගොරකා කල් තබා ගැනීමට පහසු මඟක්

 

පුරාණයේ සිටම ව්‍යාංජන සකස් කිරීමේදී රස කාරකයක් ලෙස ඉඳුණු ගෙඩි අව්වේ හෝ දුම් ගසා වේලා ප‍්‍රයෝජනයට ගනී.

ඉඳුණු ගෙඩි රතු හෝ තැඹිලි පැහැයෙන් යුක්තය. ගොරක හොඳින් වේළීමට නම් තද අව්වේ දින 5 - 7 පමණ කාලයක් වේළීම කළ යුතු ය. නැතිනම් දුම් ගසා වේළිය යුතු ය.

දුම් ගසා වේලීමෙන් ගොරකවල ගුණාත්මක භාවය හා වෙළෙඳ අගය අඩුවේ. හොඳින් වේළුණේ නැතිනම් ඉතා ඉක්මනින් කෑමට අහිතකර පුස්වර්ග සෑදේ.

හොඳින් වේළුණු ගොරක අවුරුදු 2 - 3 ක් වියළි ස්ථානයක ගබඩාකර තැබීමෙන් කල් තබා ගත හැකි ය.

ගොරක කල් තබාගත හැකි පහසු ක‍්‍රමයකි ගොරක පල්ප් කිරීම.

හොඳින් ඉඳුණ හෝ පැසුණ ගොරක ගෙඩි සෝදා හොඳින් දිය බේරුණු පසු බික් ගලවා මදය හා නැට්ට අයින් කරන්න. ගැලවූ බික් කෑලි තුන හතරට කපන්න. නැතිනම් මදක් බ්ලෙන්ඩර් කරන්න.

පිරිසුදු වියළි මැටි බඳුනකට දමා එයට ලුණු එක්කර ලිප තබා මඳ ගින්නේ ඉදෙන්න හරින්න. පතුලේ ඇල්ලීම වැළැක්වීම සඳහා කිහිපවිටක් ම වියළි පොල්කටු ලී හැන්දකින් මිශ‍්‍ර කරන්න. ජෑම් පදම ආවාට පසු ලිපෙන් බාන්න.

උතුරන වතුරේ තම්බා ගන්නා ලද බෝතල්වලට පුරවා පියන වසා සීල් කර ලේබල් කර සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න.

අවුරුදු 1 - 2 කල් තබා ගත හැකිය.

ගොරක පල්ප් කිරීම වාසිදායක ඉතා පහසු ක‍්‍රමයකි. ඔබ උනන්දු වුවහොත් ස්වයං රැකියාවකට ද මඟ පාදා ගත හැකි ය. මෙම ක‍්‍රමය ඔබත් අත්හදා බලන්න.






ආහාර සුරක්ෂිතතාව දේශගුණ විපර්යාස හා ජෛව ශක්තීන්ගේ අභියෝග

 

ලෝකයේ ආහාර මිල ඉහළ යාමෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ දිළිඳූ රටවල්.

ආහාර සුරක්ෂිතතාව වත්මන් ලෝකයේ දැඩි අවධානයට ලක් වූ විෂය ක්ෂේත්‍රයක් බවට පත් වී තිබේ. මිනිසා පරිභෝජනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ඉතා කෙටිකලක් තුළ අතිශය පුදූම සහගත ලෙස ඉහළ ගියේය.
2007 මාර්තු මස සිට 2008 මාර්තු මස දක්වා අවුරුද්දක කාල ය තුළ ලෝක වෙළඳ පොළේ තිරිගු මිල 137 % කින් ඉහළ ගියේය. සහල් මිල 100 % කින් ඉහළ ගියේය. ඉරිගු 70%කින් ද සෝයා 87% කින් ද ඉහළ ගිය බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්තා කළේය. මෙකී මිල ඉහළ යාම අඩුම වශයෙන් ඉදිර වසර දෙකක් තුළ ද නොවෙනස් ව පවතිනු ඇතැයි ලෝක ආහාර වැඩ සටහන අපේක්ෂා කරයි.

මෙසේ අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාමෙන් මුළු ලෝකයම අපහසුතාවකට මුහුණ දී ඇති අතර ඉන් වඩාත්ම පීඩාවට පත්ව ඇත්තේ ලෝකයේ දිළිඳූ රටවල් ය. මේ නිසා ලෝකයේ මිලියන සියයකට අධික ජන සංබ්‍යාවක් නිල වශයෙන් පිළිගත් දරිද්‍රතා රේබාවෙන් පහතට ඇද වැටි ඇති බව ලෝක බැංකු වාර්තාවල දැක්වෙයි.

ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිත බොහෝ රටවල් ද මේ නිසා ආහාර ආනයනයට නැඹුරු වී සිටි. අතිරික්ත ආහාර නිෂ්පාදනය තිබූ රටවල් තම අතිරික්තය අපනයනය කිරීම නවතා හෝ සීමා කර හෝ ඇත.

වත්මන් ආහාර අර්බුදය නිසා අඩු ආදායම්ලාභීන්ගේ ආහාර අයිතිය අහිමි වෙමින් තිබේ. ඔවුහු මන්ද පෝෂණයට ලෙඩ රෝගවලට ගොදූරු වෙමින් සිටිති. මේ නිසා බොහෝ රටවල ආණ්ඩු දේශපාලන අභියයෝගයක් හමුවේ ඊ ළගට කළ යුත්තේ කුමක්දැයි කල්පනා කරන දිනයක් උදා වී තිබේ. ඊජිප්තුව, හයිටි, ඉන්දියාව, පාකිස්තානය, කැමරූන්, සෙනෙගාලය, ඉන්දූනීසියාව, බොලීවියාව, පිලිපීනය, ඉතියොපියාව, උස්බෙකිස්තානය, මෙක්සිකෝව සහ මොසැම්බික් යන රටවල් ඇතුළු ලෝකයේ රටවල් හතලිහක (40) ආහාර කැරළි ඇතිවිය. අතිවිශාල ආහාර නිෂ්පාදනයක යෙදී සිටින ඇමෙරිකාවටද මේ අර්බුදයෙන් මිදීමට පුළුවන් වුයේ නැත. එහි ආහාර පරිභෝජනය හා ජීවන මට්ටම පහත වැට් ඇත. එහි බිත්තර මිල 38 % කින් ද,  කිරි 30 % කින් ද, පාන් 12 % කින් ද ඉහළ ගියේය.


ලෝක ජනගහණයෙන් බිලියනයක් ජනතාව නිදන්ගත සාගින්නට ගොදූරු වෙලා.


නූතන ලෝකයේ බිලියන 6.7 ක් වන ලෝක ජනගහණයෙන් බිලියනයක් තරම් අතිවිශාල ජනකායක් නිදන්ගත සාගින්නට ගොදූරු වී සිට්න බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. මෙතරම් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින ලෝකයේ ආහාර පිළිබඳ මාතෘකාව අප රට සම්බන්ධයෙන් ගත් කළ අමුතුවෙන් විස්තර කළ යුතු දෙයක් නැති තරම් ය.

ඉකුත් වසරේ ඔක්තෝබර් සිට 2008 වසරේ පෙබරවාරි දක්වා කාලය තුළ අපරට සහල් මිල රුපියල් 80 ඉක්මවා ගියේය. පොල් මිල රුපියල් 40 ක් තරම් ඉක්මවිය. තිරිගු පිටි මිල රුපියල් 75 ක් වු අතර පාන් මිල රුපියල් 40 ක් විය.


සොබාදහමේ සමතුලිතබව දූරස් වෙලා: පෘථිවියට උණී



ගෝලීය උණූසුම ඉහළ යාම (Global Worming) අද ලෝකය මුහුණ දී ඇති බරපතලම ගැටළුවයි. වායු ගෝලයේ පවතින වායු වර්ගවල සමතුලිත බව ඉක්මවමින් විවිධ වායු වර්ග එකතු වීම නිසා වායු ගෝලයේ වෙනස්වීමයි ඒ. එය හඳූන්වන්නේ හරිතාගාර ආචරණය (Dreen House Effect)  යනුවෙන්. මෙකී ක්‍රියාවලිය නිසා පසුගිය සියවසේ මැද භාගය වනවිට  වායු ගෝලයට නිකුත් වූ හානිකර වායු අතර කාබන්ඩයොක්සයිඩ්, මීතේන්, හා නයිට්‍රස් ඔක්සයිඩ්, සාන්ද්‍රණය යුරෝපයේ කාර්මික විප්ලවයට පෙර තිබූ ප්‍රමාණයට වඩා විශාල වෙනස් වීමකට ලක් වුණා. එය කාර්මික විප්ලවයට පෙර වායු කොටස් මිලියනයකට කොටස් 270 ක් වු අතර අද වන විට මිලියනයකට කොටස් 360 ක් දක්වා වැඩි වී ඇත. 1995 වසරේදී ගණන් බල ඇති ආකාරයට ඇමෙරිකාව තමන්ගේ ආර්ථික කටයුතුවල ප්‍රථිපලයක් හැට්යට වායු ගෝලයට එකතු කළ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍ර්ක් ටොන්


CO2 Emission to the environment
Country Vs CO2 ( metric tons)

 

 

5228.3ක්. චීනය මෙට්‍ර්ක් ටොන් 3006.8ක්ද, රුසියාව මෙට්‍ර්ක් ටොන් 1547.9ක්ද, ජපානය මෙට්‍ර්ක් ටොන් 1150.9ක්ද, ඉන්දියාව මෙට්‍ර්ක් ටොන් 803.0ක්ද, එංගලන්තය මෙට්‍ර්ක් ටොන් 544.8ක්ද වායු ගෝලයට එකතු කළා. මෙම දත්ත ඇමෙරිකානු ජනගහණය සමග අනුපාතිකව ගත් විට එක ඇමෙරිකානුවෙක් පරිසරයට හානිකර කාබන්ඩයොක්සයිඩ් ටොන් 5.37ක් 1996 දී වායු ගෝලයට එකතු කලේය.

නමුත් දකුණු ආසියාවේ රටවල වෙසෙන අපි ඒ තරම් නරක නෑ. බංග්ලා දේශයේ එක පුද්ගලයෙක් කාබන් මෙට්‍රික් ටොන් 0.05ක්, භූතානයේ එක් පුද්ගලයෙක් මෙට්‍රික් ටොන් 0..04ක්, ඉන්දියාවේ එක් පුද්ගලයෙක් මෙට්‍රික් ටොන් 0.29ක්, මාලදිවයානේ එක් පුද්ගලයෙක් මෙට්‍රික් ටොන් 0.31ක්, නේපාලයේ එක් පුද්ගලයෙක් මෙට්‍රික් ටොන් 0.02ක්, පාකිස්තානයේ එක් පුද්ගලයෙක් මෙට්‍රික් ටොන් 0.18ක් හා ලංකාවේ එක් පුද්ගලයෙක් මෙට්‍රික් ටොන් 0..11ක් තරම් කුඩා ප්‍රමාණයක් එකතු කරලා. ලෝකයේ මිනිසුන් වැරදි කරන විට අපේ අයත් ටික ටික වැරදි කරන බවයි පෙනෙන්නේ.

මෙහි ප්‍රතිපලය පෘථිවි තලය මතුපිට ඇති වායු ගෝලය උණූසුම් වීමයි. එනම් පෘථිවියට උණ ගැනීමයි.

ක්‍රිස්තු වර්ෂ 2000 වනවිට ගෝලීය උණුසුම 0.50ක් කට වැඩි අගයකින් ඉහළ ගිය අතර එය 2008 වනවිට ද එම අගයෙන්ම ඉහළ ගියබව අපේක්ෂා කළ හැකිය. ක්‍රිස්තු වර්ෂ 1800 වර්ෂය පාදක වර්ෂයක් ලෙස ගත්විට ගෝලීය උෂ්ණත්වය සීඝ්‍රයෙන් ඉහළ ගිය වර්ෂ්‍ය හැටියට වාර්තාවන්නේ 1998 වසරයි. ඉන් අනතුරුව එය කැපී පෙනෙන්නේ 2005 වසරේදීය.

මෙසේ මිනිසා විසින් සිදූකරනු ලබන අවිධිමත් ක්‍රීයා හේතුවෙන් වායුගෝලයේ හරිතාගාර වායුන්ගේ ප්‍රතිශතය වැඩිවීමේ ඍජු ප්‍රතිපලය නම් වායු ගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමියි. තවත් අය කියන්නේ එහි දිගු කාලීන ප්‍රතිපලයක් හැටියට නැවතත් අයිස් යුගයක් (Global Dimming) නිර්මාණය වීමටද ඉඩ ඇති බවයි.


කාලගුණික විපර්යාස ජෛව විවිධත්වය බිඳ වැටිමට ප්‍රධාන හේතුවක්.

පෘථිවි වායු ගෝලයේ අසීමිත අසමතුලිතබව අස්වාභාවික කාලගුණික විපර්යාසයන්ට තුඩු දී තිබේ. උත්තරාර්ධ්‍ර ගෝලයේ හිම කඳූ දියවීමටත් ඒ නිසාම නිවර්තන කලාපයට අයත් (Tropical Belt)  රටවල සහ කුඩා දූපත් ආශ්‍රිත මුහුදූ තීරයන් තර්ජනයකට මුහුණ දී සිටී.

2005 වසරේදී ඇස්තමේන්තු කරන ලද සහශ්‍රක ජෛව පද්ධති සමීක්ෂණයට අනුව පසුගිය සියවසේ අවසානය වනවිට ලෝකයේ ජෛව විවිධත්වය බිඳ වැටිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශගුණික විපර්යාසයන් ය. නමුත් දේශගුණික විපර්යාසයන් හේතුවෙන් වෙනස්වන ජෛව විවිධත්වයෙ වටිනාකම ආහාර සහ කෘෂිකර්මය සම්බන්ධයෙන් අද සීඝ්‍රයෙන් ඉහළ යමින් තීියෙනවා. මේ නිසා වෙනස්වන අවශ්‍යතාවන්ට සරිලන ආහාර හා කෘෂිකාර්මික ජාන සම්පත් සොයායාම හා භාවිතය අවශ්‍ය වී තිබේ. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් ජාතික රාජ්‍ය සමුළුව(The Inter Govermental Panel of Climate Change) ප්‍රකාශ කරන්නේ ගෝලීය අවම උෂ්ණත්වය ඉහළ යාම නිසා සැලකිය යුතු සත්ව හා ශාක විශේෂ ගණනාවක් වඳ වී යාමේ තර්ජනයකට මුහුණ දී ඇති බවයි. මේ අතරට සත්වයින්ට ආහාර ලෙස ගැනීමට ඇති බෝග රැසකුත් ඇති බවයි.

මෙකී තත්ත්වයන් ලෝකයේ මිලියන 200 ක් තරම්වන ධීවරයින්ගෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් හැටියට ගැනෙන ආසියා අප්‍රිකා හා ලතින් ඇමෙරිකානු රටවල වෙසෙන සියයට අනූ අටක් (98) %)  පිරිසටත් ඍජු බලපෑමක් ඇති කරයි. ඉහත කී කලාපවල රටවල දිළිඳු ජනතාවගේ දෛනික ආහාර වේලේ ප්‍රෝටීන අවශ්‍යතාව සපයන ප්‍රධාන මූලාශ්‍ර වන්නේ මත්ස්‍ය හා වී නිෂ්පාදනයි. මේ අතර බිලියන 2.8 ලෝක ජනගහණයෙන් සියයට විස්සක (20 %) ප්‍රෝටීන අවශ්‍යතාව සපුරන්නේ ද සත්ව ආහාරවලිනි.


ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතබවට කෙසේ බලපායි ද?
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මාන්තයට ජල සම්පතට මෙන්ම මුහුදූ මට්ටම ඉහළ යාමට සහ වෙරළ බාදනයට දේශගුණික විපර්යාස හේතුකාරක වන බව දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් ජාතික රාජ්‍ය සමුළුවෙ (The Inter Govermental Panel of Climate Change)  උප සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවට නිවර්තන කලාපයේ පිහිටීම නිසා මුහුදූ මට්ටම ඉහළයාමෙන් ඇතිවන ගිලීයාමේ අනතුරෙන් බේරෙන්න බැරි බවයි. ක්‍රිස්තු වර්ෂ 2010 වන විට ශ්‍රී ලංකාව අවට මුහුදූ මට්ටම සෙන්ටි මීටර් 0.3කින්ද, 2070 වන විට එය 1.0කින්ද ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇත. මේ නිසා ගංවතුර ඇති වීමේ අවදානම සීඝ්‍රයෙන් ඉහළ යන අතර පහත්බිම් ඊට ගොදූරු වන වෙයි. තවද වෙරළ බාදනය නිසා ගොඩබිමේ ජලපෝෂක ප්‍රදේශවලට ලවන ජලය මුසුවීම ඇතුළු පාරිසරික ගැටළු රැසක් ද ඇතිවන බවයි.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ පමණක් 2010 වන විට භූමි ප්‍රමාණයෙන් සියයට තිහක් (30%) සමුද්‍ර බාදනයට ගොදූරුවන අතර එහි වී ගොවිතැන හා පොල් කර්මාන්තය දැඩි අවදානමකට ලක් වී තිබේ. 2040 වන විට ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය දේශීය අවශ්‍යතා සපුරාලීමටවත් ප්‍රමාණවත් නොවන බවට අනාවැකි පලකර ඇත. තවද පහත රට තෙත් අන්තර් කලාපය හා පහත රට තෙත් කලාපය යන ප්‍රදේශ දෙකේ ප්‍රමාණවත් තරම් වර්ෂාවක් නොලැබීම නිසා පොල් පලදාව පහත වැටෙනු ඇත. ධීවර කර්මාන්තය ලෝකයටම පොදූ බලපෑමට හසු වෙයි. 

අපි කුමක් කරමු ද?

ක්‍රිස්තු වර්ෂ 2000 දී ශ්‍රී ලංකා රජය දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් ජාතික රාජ්‍ය සමුළුවට ඉදිරිපත් කළ වාර්තාවෙන් විශේෂයෙන් වෙරළ බඩ කලාපයේ සිදූවන බලපෑම් අවම කිරීමට අදාළ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරයි.  එහි ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ධීවර සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම නියං තත්ත්වයන්ට ඔරොත්තු දෙන වී වර්ග හඳුනාගැනීම  නායයෑමේ තර්ජනයට මුහුණ පා ඇති ඉඩම්වල වගා කරන ක්‍රම වේදයන් වෙනස් කිරීම හා දේශගුණික විපර්යාසයන් පිළිබදව ගොවි ජනතාව දැනුවත් කිරීම ඒ අතර වෙයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශය(Climate Change and its Impact on Costel Economy of Sri Lanka) නමින් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ආර්ථිකයට සිදූව ඇති පීඩාව අවම කරමින් පාලනය කිරීමට ඉදිරිපත් කරන ලිපියක  ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපය ආරක්ෂා කිරීම උදෙසා වෙරළබඩ කලාප කළමණාකරණයට සැළැස්මක් (Costel Zone Management Plan)  ඉදිරිපත් කරයි. එහි ආර්ථික සාමාජික සහ පාරිසරික අංශ තිරසාර ලෙස සංවර්ධනය කිරීම පිළිබඳව ද ගතයුතු ක්‍රියා මාර්ග පැහැදිලි කරයි.


මහාචාර්ය මොහාන් මුණසිංහ කියන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම සහ එමගින් ඇතිවන දූර්විපාක පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, වායුගෝලයට හරිතාගාර වායුන් නිකුත් කරන මූලාශ්‍ර තහනම් කිරීම, එසේ නැතිනම් ඒවා හැකිතාක් දූරට පාලනය කිරීම, වනාන්තර සංරක්ෂණය සහ වන වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සංවර්ධිත රටවල් මැදිහත්ව ගෝලීය උණුසුම සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒ සඳහා මුල්‍යාධාර සැපයීම, ෆොසිල ඉන්ධන දහනය වෙනුවට විකල්ප බලශක්ති ක්‍රම භාවිතය, ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය වනවිට මුහුදූ මට්ටම ඉහළ යාම පාලනය වීම හා ඒ අනුව වෙරළ බඩ කෘෂිකර්මයට හා ආර්ථිකයට එල්ලවන තර්ජනය අවම වෙන බවයි. 

මී උණ යනු:

මී උණ ලෙස ගැමියන් හැඳින්වුවත් මෙම රෝගයේ වෛද්‍ය විද්‍යාත්මක නාමය
“ලෙප්ටොස්පයිරොසිස්” ( Leptospirosis ) වෙයි. ලෙප්ටොස්පයිරා (Leptospira)
නමැති බැක්ටීරියාව මගින් මෙම රෝගය ඇතිකරයි.

රෝගය බෝකරන්නේ කවුරුන්ද?

මී උණ සතුන් මගින් බෝවන රෝගයකි. කෘන්තකයින් ගොවිපල සතුන් ( හරකුන්,
එළුවන් ) සුනඛයින් සහ කැළෑබද ක්‍ෂීරපායී සතුන් මේ සඳහා දායකවේ. එම
සතුන්ගේ වකුගඩු තුල මෙම බැක්ටීරියාව ස්‍වභාවයෙන්ම අඩංගුව තිබේ. එම
බැක්ටීරියාව මිනිස් ශරීරයට ඇතුළුවීමෙන් මිනිසාට රෝගය බෝවෙයි. මෙම සතුන්
අතුරින් මීයන් සහ උ‍‍‍‍රු මීයන්ගේ සිරුරේ ජීවත්වන ලෙප්ටොස්පයිරා ප්‍රභේධ
මිනිසාට දරුණු ලෙස රෝගය ඇති කරයි.

විෂබීජය අපේ සිරුරට ඇතුළු වන්නේ කෙසේද?

ගවයන්, බළලුන්, බල්ලන්. එළුවන් සහ ප්‍රධාන වශයෙන් මීයන්ගේ මුත්‍රා සමග
පිටකෙරෙන විෂබීජය කුඹුරු සහ වගුරු බිම් ආශ්‍රිතවත්, ගොවිපල වලත්, ජලය
එක්රැස්වී තිබෙන ස්ථානවලත් පැවතිය හැකිය. විෂබීජයෙන් දූෂිතවූ පස, ජලය හා
ආහාර මිනිස් සිරුරට රෝග කාරක ඇතුළුවන සුලබම මාර්ගයයි.
සමෙහි සීරීම්, තුවාල හෝ සිරුරේ සියුම් පටල (නාසයේ, මුඛයේ හෝ ඇසෙහි
ශ්ලේෂ්මල පටල ) තුලින් රෝගබීජ සිරුරට ඇතුළු වෙයි. විෂබීජ සහිත ජලය පානය
කිරීමෙන්ද ආසාදන ඇතිවිය හැකිය.
මෙ බැක්ටීරියාව රුධිර පද්ධතියට ඇතුළුවී සිරුරේ සියළුම අවයව හා පටක
ආක්‍රමණය කරයි.

රෝග ලක්‍ෂණ ඇතිවන්නේ කොපමණ කලකින්ද?

බැක්ටීරියාව ශරීරයට ඇතුළුවී දින 5- 14 අතර කාලයකදී රෝග ලක්‍ෂණ පහලවෙයි.

රෝග ලක්‍ෂණ මොනවාද?

හිසරදය, අධික මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, වමනය

රෝගය වලක්වා ගැනීමට කළයුතු දේ :

•       කැලිකසල ඉවත්කිරීම සහ අවට පරිසරය පිරිසිදුව තබාගැනීම
•       මීයන්ට ගැවසිය නොහැකිවන පරිදි ගෙතුල සහ අවට පරිසරය සකසා ගැනීම
•       කුඹුරු, ගෙවතු, ක්‍රීඩාපිටි ආදිය අවට ලඳුකැලෑ කපා ඉවත් කිරීම
•       උතුරවා නිවාගත් ජලය පානය කිරීම
•       ශරීරයේ කුඩා තුවාලයක් හෝ ඇත්නම් කුඹුරු, කාණු, කොහිල වලවල්, පොල්‍ ලෙලි
පල්කරන    වලවල් වැනි ස්ථානවලට නොබැසීම හෝ ඒවා ආශ්‍රිතව වැඩ නොකිරීම
•       එසේ බසින්නේ නම් හෝ වැඩකරන්නේ නම් දණ හිස දක්වා උස සපත්තු, අත් ආවරණ
පලඳා පරීක්‍ෂාකාරීව වැඩකිරීම
•       ගංවතුරෙහි ගමන්කිරීමෙන් වැලකීම
•       නිවසේ ඇතිකරන සුනඛයින්, බළලුන් වැනි සතුන්, ගවයින් සහ එළුවන් අයාලේ
නොයැවීම

මෙම කරුණු ගැනත් සැලකිලිමත් වන්න :

•       මෙම රෝගය ඉක්මනින් ප්‍රතිකාර කළ හොත් සුවකරගත හැකි රෝගයකි.
•       රෝග ලක්ෂණ මතුවූ වහාම අවධානයෙන් සිට රජයේ රෝහලකින් පමණක් ප්‍රතිකාර
ගන්න.
•       රෝගයෙන් මිය යන්නේ ප්‍රමාදවී ප්‍රතිකාර ලබාගන්නවුන් හෝ ප්‍රතිකාර ලබා
නොගන්නාවුන් බව සිතෙහි තබා ගන්න.
•       රෝගය තදින් පැතිරෙන ප්‍රදේශවල වලක්වාගැනීමේ ප්‍රතිකාරයක් ලෙස
“ඩොක්සයික්ලින්” (Doxycycline) නමැති ප්‍රතිජීවකය ලබා දෙනු ලැබේ. ඔබේ
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයා හමුවී
අවශ්‍ය උපදෙස් සමග වලක්වා ගැනීමේ ඖෂධ නොමිලේ ලබාගන්න.


HOME TOUR OF DUTY MY SCHOOL OUTWART BOUND TRANING PHOTO ALBUM DO YOU KNOW? FREE SMS CONTACT GUESTBOOK

 
 
  Today, there have been 13 visitors (26 hits) on this page! Copyright 2001-2010 © Chaminda Kithsiri, All rights reserved.  
 
PHONE-+94714856663 or +94779902112 (mobile) Copyright 2001-2010 © Chaminda Kithsiri, All rights reserved. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free